Wednesday, July 22, 2026
Homeදේශීයතිරිඟු පිටි මිල අඩු කරාට පාන් මිල අඩු කරන්න බැහැ - බේකරි...

තිරිඟු පිටි මිල අඩු කරාට පාන් මිල අඩු කරන්න බැහැ – බේකරි හිමියන්ගේ සංගමය

තිරිඟු පිටි මිල පහළ ගිය ද පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ගණන් අඩු කිරීමට හැකියාවක් නොමැති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය දැනුම් දෙනවා.

ඊයේ (18) සිට ක්‍රියාත්මක වන පරිදි තම සමාගමේ සෑම වර්ගයකම තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 10කින් අඩු කළ බව ප්‍රීමා සමාගම නිවේදනය කළා.

ඒ අනුව පාන් නිෂ්පාදනයට යොදා ගන්නා තිරිඟු පිටි කිලෝග්‍රෑමයක තොග මිල රු. 200 ක් දක්වා පහළ දැමුවා.

මීට සති කිහිපයකට පෙර බේකරි නිෂ්පාදන මිල ගණන් අඩු කළ නිසා යළි පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ගණන් අඩු කිරීමට හැකියාවක් නොමැති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා සඳහන් කළා.

READ:   ජනපති අද සවස ජාතිය අමතයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්