Wednesday, September 9, 2026
Homeදේශීයතේ වත්තක දළු නෙලමින් සිටි කාන්තාවන් පිරිසකට බඹර ප්‍රහාරයක්: කාන්තාවක් මියයයි..

තේ වත්තක දළු නෙලමින් සිටි කාන්තාවන් පිරිසකට බඹර ප්‍රහාරයක්: කාන්තාවක් මියයයි..

ලිඳුල පොලිස් වසමේ බඹරකැලේ වත්තේ තේ දළු නෙලමින් සිටි කාන්තාවන් සිව්දෙනෙකු බඹර ප්‍රහාරයකට ලක්ව තිබෙනවා.

ඊයේ (17) උදෑසන සිදුවු මෙම බඹර ප්‍රහාරයෙන් එක් කාන්තාවක් ජීවිතක්ෂයට පතවූ බව පොලිසිය පවසනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 80ක් වූ ලිඳුල ප්‍රදේශයේ කාන්තාවකි.

මෘත ශරීරය නුවරඑළිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

අනෙක් කාන්තාවන් තිදෙනා ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.

දිඳුල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

READ:   යූරියා කිලෝ 50ක මල්ලක් රැපියල් 10,000ක මිලට ගොවීන්ට ලබාදීමට යයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්