Saturday, April 18, 2026
Homeදේශීයඡන්දය ඉල්ලූ රාජ්‍ය සේවකයින්ගේ වැටුප් දීමනා නිවාඩු අර්බුදයක

ඡන්දය ඉල්ලූ රාජ්‍ය සේවකයින්ගේ වැටුප් දීමනා නිවාඩු අර්බුදයක

අර්ධ රාජ්‍ය ආයතනවල සේවය කරන පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වූ රාජ්‍ය සේවකයින් මේ වනවිට වැටුප් පිළිබඳ අර්බුදයට මුහුණ දී සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

පළාත් පාලන මැතිවරණය කල් දැමීම හරහා ඔවුන්ට මූලික වැටුම්, දීමනා හා නිවාඩු අහිමිවීමක් ද සිදුව ඇති බව ඒ මහතා පෙන්වා දෙනවා.

අද (18) පාර්ලිමේන්තුව අමතමින් ඔහු මේ බව පැවසුවා.

රජය කොතෙක් ප්‍රකාශ කළ ද පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් වූ රාජ්‍ය සේවකයින්ගේ ගැටලු තවමත් විසදී නැති බව විපක්ෂ නායකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

මේ සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ අනුර කුමාර මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ද අදහස් දැක්වුවා.

විස්තර සහිත විඩියෝව,

READ:   ශ්‍රී ලංකාවට තවත් ජයග්‍රාහණයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්