Sunday, April 26, 2026
Homeදේශීයආගමික ස්ථානවල වත්කම් ගැන හොයන්න රජය සැරසෙයි..

ආගමික ස්ථානවල වත්කම් ගැන හොයන්න රජය සැරසෙයි..

රට පුරා ඇති ආගමික ස්ථානවලට හිමි වත්කම් සහ දේපොළ සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීමට තීරණය කර තිබෙන බව බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක පවසනවා.

අමාත්‍යවරයා සඳහන් කළේ, ආගමික ස්ථාන ඉදිරියේදී ලියාපදිංචි කරන බවයි.

මහානායක ස්වාමින් වහන්සේගේ හා අනෙකුත් ආගමික නායකයින්ගේ අවසර ඇතුව එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

ඒ අනුව ඉදිරියේදී ග්‍රාම නිලධාරී වසමක තිබිය හැකි ආගමික ස්ථාන ගැන ද නිර්ණායක සකස් කිරීමට රජය අපේක්ෂා කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

READ:   විරෝධතා පාගමනක පැමිණි කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්