Monday, April 20, 2026
Homeදේශීයකාන්තාවකට අමානුෂිකව පහරදී මහපාරේ ඇදන් ගිය පොලිස් සැරයන්ට වැඩ වරදියි

කාන්තාවකට අමානුෂිකව පහරදී මහපාරේ ඇදන් ගිය පොලිස් සැරයන්ට වැඩ වරදියි

කාන්තාවකට අමානුෂික ලෙස පහරදුන් පොලිස් සැරයන්වරයෙකු වත්තල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ පොලිස් සැරයෙන්වරයා විසින් කාන්තාවට අත්විලංගු දමා ලේ වැගිරෙන්න පහරදෙමින් වත්තල ප්‍රධාන මාර්ගය දිගේ ඇදගෙන ගොස් ඇති බවට වාර්තා වෙනවා.

මෙම සිදුවීම ඊයේ (16) සිදුව ඇත.

ගනුදෙනුවක් මත ඇතිවූ ආරවුලක් නිසා පොලිස් සැරයෙන්වරයා මෙලෙස කාන්තාවට පහරදී ඇති බව අනාවරණය වී ඇත.

අදාළ පොලිස් නිලධාරියා ජා ඇළ පොලිසියට අනුයුක්තව සේවය කර ඇති අතර කුරුඳුවත්ත පොලීසියේ විශේෂ රාජකාරි සඳහා යොදවා සිටි අයෙකු බව හෙළිව තිබේ.

රාත්‍රී රාජකාරි විවේකයෙන් පසු නිල ඇඳුමින් නිවස බලා යන අතරේ නිලධාරියා මෙම පහරදීම සිදුකර ඇති බව වැඩිදුරටත් වාර්තා වෙනවා.

READ:   සේවා කාලය අවසන් කර නික්ම යන ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපතිවරයා
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්