Saturday, September 12, 2026
Homeදේශීයපදවිප්‍රාප්තිය වෙනුවෙන් කිසිම උත්සවයක් එපා! - ජනපති කියයි..

පදවිප්‍රාප්තිය වෙනුවෙන් කිසිම උත්සවයක් එපා! – ජනපති කියයි..

එළඹෙන 21 වන දිනට යෙදෙන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පදවිප්‍රාප්තිය වෙනුවෙන් කිසිදු උත්සවයක් සංවිධානය නොකරන ලෙස ජනාධිපතිවරයා නිළධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

ඒ සිය පදවිප්‍රාප්තිය වෙනුවෙන් උත්සව සංවිධානය කිරීම සම්බන්ධයෙන් පාර්ශව කිහිපයක් කර ඇති ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් බවයි වාර්තා වන්නේ.

පසුගිය වසරේ ජුලි 20 වනදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමකින් අනතුරුව අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස පත් වුණා.

ඒ අනුව මෙරට අට වන ජනාධිපතිවරයා ඒ මහතා ලෙස ඉන් පසුදා (ජුලි 21) දිවුරුම් දෙනු ලැබුවා.

READ:   කාසියේ වාසිය ස්කොට්ලන්තයට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්