Friday, July 24, 2026
Homeදේශීයපාසල් සිසුවියකගේ නිරුවත අන්තර්ජාලය තුළ බෙදා ගත්ත පාසල් පෙම්වතා ඇතුළු 06ක් ...

පාසල් සිසුවියකගේ නිරුවත අන්තර්ජාලය තුළ බෙදා ගත්ත පාසල් පෙම්වතා ඇතුළු 06ක් CIDයට..

පාසල් සිසුවියකගේ නිරුවත් විඩියෝ දර්ශන අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරය කරීමක් සම්බන්ධයෙන් පාසල් සිසුන් 06 දෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ කුරුණෑගල ප්‍රධාන පෙළේ පාසලක සිසුන් 06 දෙනෙකි.

ව්‍යාපාරිකයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව සිසුන් අත්අඩංගුවට ගෙන ඇත.

සැකපිට අත්අඩංගුවට ගත් පාසල් සිසුන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට පෙරේදා (13) ඉදිරිපත් කර තිබේ.

සිද්ධියේ පළමු සැකකරු පැමිණිලිකරුගේ දියණිය සමග පෙම් සබඳතාවයක් පවත්වා ඇති බවත් එහිදී සිසුවියගේ කැමැත්තෙන් ලබා ගත් නිරුවත් විඩියෝ දර්ශන සැකකාර සිසුවාගේ ඇපල් ජංගම දුරකථනයේ ගබඩා කර තිබී ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා ඇත.

පළමුවන සැකකාර සිසුවා සිය පෙම්වතිය සමග ඇතිවූ අමනාපයකින් පසු මෙම නිරුවත් විඩියෝ දර්ශන අන්තර්ජාලය ඔස්සේ මිතුරන්ට බෙදා හැර තිබේ.

අදාළ සැකකරුවන් 06 දෙනා එක් අයෙකුට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කර සිටියා.

READ:   වසන්ත මුදලිගේ ඇතුළු පිරිස 27 දක්වා රිමාන්ඩ් (VIDEO)
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්