Monday, July 27, 2026
Homeදේශීය'ලොඩියා' නැමති විෂ සත්වයෙක් දකුණු මුහුදේ..

‘ලොඩියා’ නැමති විෂ සත්වයෙක් දකුණු මුහුදේ..

‘ලොඩියා’ නැමති විෂ සහිත මත්ස්‍ය විශේෂය දකුණු මුහුදු තීරය දක්වා ව්‍යාප්ත වී ඇති බව ජාතික විෂ තොරතුරු මධ්‍යස්ථානය නිවේදනය කරනවා.

එම මධ්‍යස්ථානයේ පැවසුවේ මෙම ජීවියා මිනිස් සිරුරේ දැවටීම හේතුවෙන් මාරාන්තික තත්ත්වයක් ඇතිවිය හැකි බවයි.

මෙම සත්වයා කුඩා බැලූනයක් ආකාරයට දිස්වන බවත් උදර ප්‍රදේශය තුළ දිගු නූලක් වැනි ග්‍රාහිකා පවතින බවත් සඳහන් වෙනවා.

වසරේ ජූලි මාසයේ සිට සැප්තැම්බර් දක්වා මුහුදේ මෙම සත්වයා දැක ගත හැකි බව වාර්තා වෙනවා.

ලොඩියා ජීවියා ස්පර්ශවීමෙන් ආසාත්මිකත තත්ත්වයක සිට කම්පන තත්ත්වයක් කරා යා හැකි බවත් ඒ තුළින් ස්නායු පද්ධතිය, හෘදය හා ශ්වසන පද්ධතියට බලපෑම් සිදුවිය හැකි බව වෛද්‍යවරුන් පවසයි.

READ:   එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් කිසිදු රාසායනික ද්‍රව්‍යයක් හෝ තෙල් විසිරීමක් සිදුව නෑ - සමුද්‍රීය පරිසර අධිකාරිය
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්