Tuesday, July 21, 2026
Homeදේශීයසිනොපෙක් ඉන්ධන බෙදා හැරීම අද සිට අරඹයි

සිනොපෙක් ඉන්ධන බෙදා හැරීම අද සිට අරඹයි

චීනයේ සිනොපෙක් සමාගම අද (15) සිට මෙරට ඉන්ධන ආනයනය හා බෙදා හැරීමේ කටයුතු ආරම්භ කර බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා.

සිනොපෙක් සමාගම මෙරට තුළ නව ඉන්ධන පිරවුම්හල් 50ක් ද ආරම්භ කිරීමට නියමිත බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

සිනොපෙක් සමාගම, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අතර පෙර ඇතිකරගත් ගිවිසුම අනුව ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචිය සහ ඊට අදාළ ගිවිසුම් අත්සන් කිරීම ඊයේ (14) සිදු කරනු ලැබුවා.

ඒ, ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගමගේ ප්‍රදානත්වයෙන්.

READ:   සමෘද්ධිය දීපව්‍යාප්ත වැඩවර්ජනයක් අරඹයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්