Thursday, April 23, 2026
Homeදේශීයචමෝදිගේ මරණයට හේතුව සොයන කමිටුව අද පේරාදෙණිය රෝහලට

චමෝදිගේ මරණයට හේතුව සොයන කමිටුව අද පේරාදෙණිය රෝහලට

උදරාබාධයක් සඳහා පේරාදෙණිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය චමෝදී සංදීපනීගේ මරණය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ පංච පුද්ගල කමිටුව අද (15) පේරාදෙණිය රෝහලට ගොස් විමර්ශන පැවැත්වීමට නියමිතයි.

පසුගියදා 21 හැවිරිදි චමෝදී සංදීපනී හදිසියේ මියගිය අතර රෝහල් කාර්ය මණ්ඩලය විසින් එන්නත් ලබා දීමෙන් පසු ඇය ජීවිතක්ෂයට පත්වූ බවට ඇගේ ඥාතින් චෝදනා කර සිටියා.

මේ අනුව ඇයගේ මරණය පිළිබඳව විද්‍යාත්මක පරීක්ෂණක් තුළින් හේතුව තහවුරු කර ගැනීමට මෙම විශේෂ කමිටුව පත් කළ බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළා.

READ:   2023 වර්ෂයට අදාළ ANNI වාර්තාවේ ශ්‍රී ලංකා පරිච්චේදය එළිදැක්වෙයි…
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්