Wednesday, April 22, 2026
Homeදේශීයපිරමීඩ ජාවාරමකට මුදල් දුන් අයෙක් මුගුරකින් පහරදී ඝාතනය කෙරේ..

පිරමීඩ ජාවාරමකට මුදල් දුන් අයෙක් මුගුරකින් පහරදී ඝාතනය කෙරේ..

තංගල්ල, ගල්බොක්ක ප්‍රදේශයේ දී බහින්බස්වීමක් දුරදිග යාමෙන් පොල්ලකින් පහරදී මෙන් තුවාල ලැබූ පුද්ගලයෙකු තංගල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.

ඊයේ (13) සවස මෙම පහරදීම සිදුව ඇත.

පහරකැමැන් මියගිය පුද්ගලයා වයස අවුරුදු 37ක්වූ ගොඩැල්ලවෙල, තංගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලිසිය පවසනවා.

අදාළ පුද්ගලයා පිරමීඩ ජාවාරමකට යෙදවීම සඳහා රුපියල් ලක්ෂ 20ක මුදලක් සැකකරුට ලබා දී ඇති අතර එම මුදල් ගැන විමසීමට සැකකරුගේ නිවසට ගිය අවස්ථාවේ ඇතිවූ බහින්බස් වීමක් අතරතුර සැකකරු විසින් පහරදීම සිදුකර ඇත.

සිද්ධියට සම්බන්ධ සැකකරු මේ වනවිට ප්‍රදේශයෙන් පලා ගොස් ඇත් බව වාර්තා වේ.

සැකකරු සොයා තංගල්ල පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇත.

READ:   මේ අයවැය විශාල ප්‍රශ්නයක් වෙන දවස? - ආචාර්ය හර්ෂ ද සිල්වා
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්