Monday, April 20, 2026
Homeක්‍රීඩාශ්‍රී ලංකාවෙන් ලකුණු 234ක ඉලක්කයක්

ශ්‍රී ලංකාවෙන් ලකුණු 234ක ඉලක්කයක්

ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය මේ වන විට හරාරේ හිදී  පැවැත්වෙනවා.

ඒ ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර යි.

තරගයේ කාසිය වාසිය දිනූ නෙදර්ලන්තය පළමුව පන්දු යැවීමට තීරණය කළා.

ඒ අනුව පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 233ක් රැස් කළා.

ඒ පන්වාර 47යි. පන්දු 5ක් අවසානයේ දී.

පන්දුවට පහරදීමේදී සහන් ආරව්විගේ ලකුණු 57 පන්දු 71 තුළදී රැස් කළා.

කුසල් මෙන්ඩිස් ලකුණු 43ක් (52), චරිත් අසලංක ලකුණු 36ක් (36), පැතුම් නිස්සංක ලකුණු 23ක් (33), වනිඳු හසරංග ලකුණු 29ක් (21) වශයෙන් රැස් කළා.

නෙදර්ලන්තය වෙනුවෙන් Logan van Beek, Ryan Klein ,Vikramajit Singh සහ Saqib Zulfiqar කඩුලු 02 බැගින් බිඳහෙළීමට සමත් වුණා.

අවසන් මහ තරගයේ ජයග්‍රාහණය සඳහා ලකුණු 234ක ඉලක්කයක් හබා යෑමට නෙදර්ලන්තය පිටියට පිවිසීමට නියමිතයි.

READ:   මන්ත්‍රී ප්‍රේමලාල්ගේ අභියාචන විභාගයට දින දෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්