Saturday, September 12, 2026
Homeක්‍රීඩාශ්‍රී ලංකාව නවසීලන්තයට එරෙහි තරගාවලිය ජය ගනී: චමරිගෙන් සුපිරි පිතිකරණයක්

ශ්‍රී ලංකාව නවසීලන්තයට එරෙහි තරගාවලිය ජය ගනී: චමරිගෙන් සුපිරි පිතිකරණයක්

නවසීලන්තයට එරෙහිව පැවති තුන්වන එක්දින ක්‍රිකට් තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (03) සමත් වුණා.

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කාන්තා කණ්ඩායම පන්දුවාර 31 තුළ කඩුලු 02ක් දැවී ලකුණු 127ක් රැස්කර සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවුණා.

ඒ අනුව ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ශ්‍රී ලංකාවට පන්දුවාර 29ක් තුළ ලකුණු 196ක ඉලක්කයක් හිමිවුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 26යි පන්දු 5කදී එම ඉලක්කය පසුකර ගියා.

ඒ කඩුලු 02ක් පමණක් දැවී සිටියදී.

ශ්‍රී ලංකාව වෙනුවෙන් සුපිරි ඉනිමක් ක්‍රිඩා කළ නායිකා චමරි අතපත්තු පන්දු 80කදී ලකුණු 140ක් රැස් කළා.

ඒ හයේ පහර 9ක් සහ 4 පහර 13ක් සමඟයි.

ඒ අනුව නවසීලන්තයට එරෙහි තරගාවලිය ජයග්‍රාහණය කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද සමත්වුණා.

READ:   දැඩි රැකවල් මැද 'හරක් කටා' සහ 'කුඩු සළිඳු' ඒ ඒ අධිකරණ වෙතට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්