Thursday, July 23, 2026
Homeදේශීයගණිකා නිවාසයක් වටලයි

ගණිකා නිවාසයක් වටලයි

මොරටුව, ගලුපාර ප්‍රදේශයේ සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් පොලිසිය විසින් වටලා තිබේ.

ඊයේ (30) සිදුකළ මෙම වැටලීමෙන් ගණිකා නිවාසය පවත්වාගෙන ගිය සැකකරුවෙකු සහ සැකකාරියක් ද එයට සහාය දැක්වූ සැකකාරියන් දෙදෙනෙකු ද පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.

අත්අඩංගුවට පත් සැකකරු වයස අවුරුදු 38 ක්වූ ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර 29,38සහ 45 යන වයස්වල පසුවන සැකකාරියන් දෙහිඕවිට හා පරගස්තොට ප්‍රදේශවල පදිංචිකාරිනියන් බව පොලිසිය පවසනවා.

සැකකරු සහ සැකකාරිනියන් අද (01) මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පවසා සිටියා.

මොරටුව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

READ:   කනත්තක් අසල අභිරහස් මරණයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්