Saturday, June 13, 2026
Homeක්‍රීඩාBREAKING: පාකිස්තානය, ඉන්දියාවේ දී ක්‍රිකට් ලෝක කුසලානයට තරඟ කිරීමට කැමති වෙයි..

BREAKING: පාකිස්තානය, ඉන්දියාවේ දී ක්‍රිකට් ලෝක කුසලානයට තරඟ කිරීමට කැමති වෙයි..

පාකිස්තානය ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියට සහභාගී වීම සඳහා ඉන්දියාවට පැමිණීමට එකඟතාවය පළ කර තිබේ.

ඒ අනුව දෙරට අතර පළමු තරගය ඔක්තෝම්බර් 15වනදා අහමදාබාද් හිදී පැවැත්වීම නියමිතයි.

පාකිස්තානයේ පැවැත්වීමට නියමිත ආසියානු කුසලානය සඳහා ඉන්දියාව පාකිස්තානයට පැමිණීමට අකමැත්ත ප්‍රකාශ කිරීමත් සමඟ ඉන්දියාව සහ පාකිස්තානය අතර තිබූ මතභේදය තවත් දුර දිග ගියා.

ඒ අනුව ඉන්දියාව පාකිස්තානයට ඒමට අකමැති නම් ඉන්දියාවේ දී පැවැත්වෙන ලෝක කුසලානය සඳහා තමන් ද එක් නොවන බව පාකිස්තාන ක්‍රිකට් බලධාරීන් පවසා තිබුණා.

මෙම තත්වය මත ආසියානු ක්‍රිකට් කවුන්සිලය මෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ද මැදිහත්ව දෙරටෙහි ක්‍රිකට් බලධාරීන් සමඟ සාකච්ඡා පවත්වා තිබුණා.

ඒ අනුව පාකිස්ථානයේ පැවැත්වීමට නියමිතව තිබූ ආසියානු කුසලානය සම සත්කාරත්වය යටතේ තරග කිහිපයක් ශ්‍රී ලංකාවේ ද පැවැත්වීමට ක්‍රිකට් බලධාරීන් තීරණය කළා.

කෙසේවෙතත් ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිත 2023 ක්‍රිකට් ලෝක කුසලානයට තම සහභාගීත්වය පිළිබඳ තීරණය පාකිස්තානය මෙලෙස ප්‍රකාශ කර සිටියා.

READ:   පකිස්ථානයට එරෙහි පළමු ටෙස්ට් සටනට දිමුත්ගේ සහභාගීත්වය අවිනිශ්චිතයි..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්