ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ නෙදර්ලන්තය අතර පැවතී තරගයේ ජයග්‍රහණය වාර්තා කිරීමට නෙදර්ලන්ත කණ්ඩායම සමත්වුණා.
ඒ ප්‍රබල බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සුපිරි ඕවරය තුළ පරාජයට පත් කරමින්.
පළමුව පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම කඩුලු 06 ක් දැවී ලකුණු 374 ක් ලබාගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නෙදර්ලන්ත කණ්ඩායම කඩුලු 09 ක් දැවී ලකුණු 374 ක් රැස් කිරීම හේතුවෙන් කණ්ඩායම් දෙක සඳහා සුපිරි ඕවර අවස්ථාව ලබා දීමට විනිසුරුවන් තීරණය කළා.
ඒ අනුව සුපිරි ඕවරය ක්‍රීඩා කළ නෙදර්ලන්ත කණ්ඩායම එම ඕවරය තුළ ලකුණු 30 ක් ලබා ගත්තා.
ඒ Logan van Beek ගේ සුපිරි පිතිකරණයෙන්.
ලකුණු 31ක් ලබා ගැනීමට පිටියට පිවිසි කොදෙව් කණ්ඩායමට සුපිරි ඕවරය තුළ දී රැස්කරගත හැකි වූයේ ලකුණු 8 ක් පමණයි.
ඕවරය තුළ කඩුලු දෙකක් ද දවා ගැනීමට නෙදර්ලන්තය සමත් වුණා.


