Tuesday, April 21, 2026
HomeදේශීයBREAKING NEWS: දේශබන්දු තෙන්නකෝන්ට එරෙහි සිතාසිය බල රහිත කෙරේ..

BREAKING NEWS: දේශබන්දු තෙන්නකෝන්ට එරෙහි සිතාසිය බල රහිත කෙරේ..

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට අධිකරණයයේ පෙනී සිටින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කළ සිතාසිය බල රහිත කරමින් අභියාචනාධිකරණ නියෝගයක් නිකුත් කර තිබේ.

රිට් ආඥාවක් ලෙස එම නියෝගය නිකුත් කර ඇත.

අරගලසමයේ ජනාධිපති මන්දිරයේ තිබී රුපියල් එක්කෝටි හැත්තෑ අට ලක්ෂයකට අධික මුදලක් හමුවීමේ සිද්ධියට අදාළව සැකකරුවකු ලෙස පෙනී සිටින ලෙස, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට අධිකරණය විසින් සිතාසි නිකුත් කර තිබුණා.

මේ අතර ගාලු මුවදොර ” ගෝඨා ගෝ ගම ” අරගලයට පහරදීම සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පති තෙන්නකෝන් මහතා සැකකරුවෙකු ලෙස නම් කරන ලෙස නීතිපතිවරයා විසින් නිකුත් කළ ලිපිය ද අභියාචනාධිකරණය විසින් බල රහිත කරමින් රිට් ආඥාවක් නිකුත් කර ඇත.

ඉකුත් වසරේ මැයි 9 වනදා ගාලුමුවදොර අරගලයට එම පහරදීම සිදුව තිබුණා.

READ:   විද්‍යාපීඨවලට ශික්ෂණලාභීන් බඳවා ගැනීම ගැන විශේෂ නිවේදනයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්