ආණ්ඩුව ගෙනා වරාය නගර කොමිෂන් සභා පනත පිටුපස භයානක තත්ත්වයක් ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක, ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි.
සිය පක්ෂ කාර්යාලයේ ඊයේ (04) පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් මන්ත්‍රීවරයා පැවසුවේ “ආණ්ඩුව විසින් පසුගිය අප්‍රේල් මස 08 වැනිදා කොළඹ වරාය නගරය කොමිෂන් සභා පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. මෙම පනත මගින් ලංකාවේ බදු පනත් 07ක් එම ප්‍රදේශයට අදාළ නොවන බවත් තවත් පනත් 14ක් මෙම ප්‍රදේශය තුළ වෙනස් කිරීමට හෝ නිදහස් කිරීම්වලට යටත් බවත් යෝජනා කර තිබුණා. මුදල් විශුද්ධිකරණය කිරීමේ ප්‍රධාන මධ්‍යස්ථානයක් වීමේ අනතුරක්ද මේ තුළ තිබුණා. එසේම මෙම ප්‍රදේශය ලංකාවේ කිසිදු පළාත් පාලන ආයතනයකට හෝ පරිපාලන ව්‍යූහයකට ඇතුළත් නොවන බවද ප්‍රකාශ වුණා. මෙම ප්‍රදේශය තුළ පදිංචි පුරවැසියන්ට ඡන්ද බලය අහිමි වනවා. මේ සියල්ල වෙනුවට 05-07 අතර පිරිසකගෙන් යුත් කණ්ඩායමකට මෙම ප්‍රදේශයේ අධිකාරි බලය හිමිවන බව මෙයින් යෝජනා කෙරුණා. එම කෙටුම්පතට අනුව එම පුද්ගලයන් ශ්‍රී ලාංකිකයන් නොවීමටද ඉඩ තිබුණා. මෙම පිරිසෙන් බහුතරයක් ශ්‍රී ලාංකිකයන් වන බවට ආණ්ඩුව එය සංශෝධන කරන බවට අධිකරණයට කරුණු ඉදිරිපත් කළ බවටද වාර්තා වුණා. මෙමගින් මෙතරම් අතිශය අහිතකර බලපෑම් සහිත අධිකාරියකට විදේශිකයන්ද ඇතුළත් බව ඉතාම පැහැදිලියි.” යනුවෙනි.
එම ප්‍රකාශය ‘ලයිෆ් ට්‍රැවලර්’ නාලිකාවෙන් නරඹන්න.
වරාය නගර පනත ගැන හදිසිය භයානකයි
නවතම වීඩියෝ
-
අනුර දුන්න පණිවිඩය දිලිත් කියයි.අපි වෙනස්,අනිත් අයට වඩා ගොඩක් වෙනස්.-දිලිත්
-
ජගත් සාගර දිනය නිමිත්තෙන් පැවැත්වෙන මුහුදු පත්ල පිරිසිදු කිරීමේ වැඩසටහන.
-
🚨ගුරු විදුහල්පතිවරුන් එකමිටට අගමැතිනිය හමුවෙයි.-දීර්ඝ සාකච්ඡාවෙන් පසු ගත්ත තීරණය රටට කියයි.
-
"අනේ මා මිත්‍ර සුරේෂ් සලේ මැතිතුමණී.."-සලේ වෙනුවෙන් ගම්මන්පිල බිඳුණු ස්වරයෙන් කළ ආයාචනය??


