Thursday, May 14, 2026
Homeදේශීයඅනතුරකින් අවුරුදු 2හමාරක දරුවෙක් මියයයි

අනතුරකින් අවුරුදු 2හමාරක දරුවෙක් මියයයි

රිදීමාලියද්ද , දිරියගම සිට දෙමෝදර වැව දක්වා ඇති අතුරු මාර්ගයේ ඩී 01 ඇල ප්‍රදේශයේ දී යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන අනතුරක් සිදුව තිබේ.

ඊයේ (23) දහවල් සිදුවු මෙම අනතුරින් තුවාල ලැබූ යතුරු පැදිකරු, ඔහුගේ බිරිඳ හා කුඩා දරුවා බිබිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු කුඩා දරුවා මියගොස් ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු දෙක හමාරක් වූ කිනිඟිරිවැල්ල ප්‍රදේශයේ පිරිමි දරුවෙකි.

යතුරුපැදිකරුගේ අපරික්ෂාකාරී රිය ධාවනය මෙම අනතුරට හේතුව බව පොලිසිය පවසයි.

රිදීමාලියද්ද පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

READ:   මංගල උත්සවයේ මල් වෙඩිල්ලෙන් තරුණයෙකු මරුට..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්