Wednesday, May 27, 2026
Homeදේශීයවිදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් විශේෂ නිවේදනයක්

විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් විශේෂ නිවේදනයක්

ඊශ්‍රාලයේ සාත්තු සේවා රැකියා සඳහා කිසිඳු භාහිර පාර්ශවයකට මුදල් ලබා දීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනය කරනවා.

ශ්‍රී ලංකාව හා ඊශ්‍රායලය අතර ඇතිකරගත් අවබෝධතා ගිවිසුමකට අනුව විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් පමණක් සාත්තු සේවා රැකියාවන් සඳහා මෙරට පුද්ගලයින් පිටත්කර යවන බව එම කාර්යංශය වැඩිදුරටත් පවසනවා.

පසුගිය වසරේ අප්‍රේල් 28 වනදා සිට මේ දක්වා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් ශ්‍රී ලාංකිකයින් 389 දෙනෙකු එලෙස ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා සඳහා පිටත් කර යවා ඇති බව සඳහන්.

READ:   මහ පරිමාණ සීනි වංචාව ගැන තොරතුරු රැසක් එලියට (VIDEO)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්