Sunday, October 18, 2026
HomeදේශීයBREAKING NEWS: පොලිස් වෙඩි පහරින් 22 හැවිරිදි පුද්ගලයෙකු මරුට..

BREAKING NEWS: පොලිස් වෙඩි පහරින් 22 හැවිරිදි පුද්ගලයෙකු මරුට..

ඇඹිලිපිටිය, පනාමුර වැලිකඩයාය ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ වෙඩිතැබීමකින් සැකකරුවකු මියගොස් තිබේ.

අද (24) අලුයම සිදුකළ මෙහෙයුමක් අතරතුර වෙඩිතැබීම් රැසකට සම්බන්ධ එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට යෑමේදී ඔහු පොලිස් විශේෂ කාර්ය බලකායට වෙඩි තැබූ බව පොලිසිය පවසනවා.

එහිදී STF නිලධාරීන් සිදුකළ ප්‍රතිප්‍රහාරය හමුවේ සැකකරු මියගොස් ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 22ක් වූ පුද්ගලයෙකි.

ඔහු හිටපු යුධ හමුදා සෙබලෙකු බව පොලිසිය පවසනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ඇඹිලිපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

READ:   නව ජල සම්බන්ධතාවයක් ලබාගැනීම සඳහා අයකරන ගාස්තුව ඉහළට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්