Tuesday, July 28, 2026
HomeදේශීයUPDATE: අතුරුදහන් වූ සබ්මැරීනයේ ඔක්සිජන් පැය 48කට සීමා වෙයි..

UPDATE: අතුරුදහන් වූ සබ්මැරීනයේ ඔක්සිජන් පැය 48කට සීමා වෙයි..

ටයිටැනික් නැවේ සුන්බුන් බැලීම සඳහා සංචාරකයින් 5 දෙනෙකු රැගෙන ගොස් සිටියදී අත්ලාන්තික් ගැඹුරු මුහුදේ දී අතුරුදහන් වූ සබ්මැරීනය සේවීමේ විශේෂ මෙහෙයුම තවදුරටත් ක්‍රියාත්මකයි.

අතුරුදහන් වූ සබ්මැරීනය තුළ තවදුරටත් පැය 48කට පමණක් ඔක්සිජන් ඉතිරිව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ටයිටනික් නැවේ සුන්බුන් බැලීමට පිටත්ව ගිය සබ්මැරීනය අත්ලාන්තික් මුහුදේ අඩි 12.500ක් ගැඹුරු මුහුදේ දී අතුරුදහන් වුණා.

මෙලෙස අතුරුදන්වූයේ අමෙරිකානු සංචාරක සමාගමකට අයත් සබ්මැරීනයකි.

අදාළ යාත්‍රාව ගමන් ආරම්භ කර පැයයි මිනිත්තු 45 ක් තුළ එහි සියලු සබඳතා ඇණහිට තිබුණා.

දින 04කට ප්‍රමාණවත් තරම් වන ඔක්සිජන් යාත්‍රාව තුළ ඇති බැවින් එහි ගමන් කළ පිරිස නිරුපද්‍රිතව බේරා ගැනීමට විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක බව අමෙරිකා එක්සත් ජනපද වෙරළාරක්ෂක බළකාය පසුගියදා ප්‍රකාශ කළා.

READ:   BREAKING: හෙට විවාදයට අනුර සුදානම් - ජාතික ජන බලවේගය ITN නාලිකාවට දන්වයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්