Saturday, July 25, 2026
Homeදේශීයයුද හමුදා වෑන් රථයක් බවුසරයක ගැටෙයි

යුද හමුදා වෑන් රථයක් බවුසරයක ගැටෙයි

කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ රදාවඩුන්න 45 කණුව ප්‍රදේශයේදී අද (20) අලුයම සිදුවු අනතුරකින් යුධ හමුදා සෙබලුන් 5දෙනෙක් තුවාල ලබා තිබේ.

කොළඹ සිට මහනුවර දෙසට ධවනය වු යුධ හමුදා වෑන් රථයක් ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි බවුසර් රථයක ගැටී මෙම අනතුර සිදුව ඇත.

අනතුර සිදුවන අවස්ථා යුධ හමුදා නිලධාරීන් 6 දෙනෙක් එම වෑන් රථයේ ගමන් කර තිබේ.

මෙලෙස අනතුරට පත්ව ඇත්තේ පොල්හේන්ගොඩ යුද හමුදා කඳවුරේ නිලධාරීන් පිරිසකි.

තුවාල ලැබූ නිලධාරීන් 5 දෙනා වතුපිටිවල රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් එක් නිලධාරියකු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇත.

අනතුර සම්බන්ධයෙන් බවුසර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර නිට්ටඹුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

READ:   ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්