Thursday, June 4, 2026
Homeදේශීයන්‍යෂ්ටික බලාගාරයක් ඉදිකරන්න සාකච්ඡා

න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකරන්න සාකච්ඡා

අන්තර්ජාතික පරමාණුක බලශක්ති ඒජන්සිය (IAEA) විසින් ශ්‍රී ලංකාව තුළ න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වෙනවා.

රුසියාවේ සැලසුම් අධ්‍යනය කරමින් ආරම්භ කෙරෙන මෙම න්‍යෂ්ටික බලාගාරය ඉදිකිරීම සඳහා වන තානාපති මට්ටමේ සාකච්ඡා ආරම්භ කර තිබේ.

රැසියානු රාජ්‍ය පරමාණු බලශක්ති සංස්ථාව වන Rosatom විසින් මෙම බලාගාරය ඉදිකිරීමට සහය වේ.

මෙම ව්‍යාපෘතිය එරට බලාධාරින් විසින් අනුමත කර ඇති බව රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිනි ජනිතා ලියනගේ පවසා තිබේ.

මෙම බලාගාරය පාවෙන බලාගාරයක් ලෙස හෝ පොළව මත ගොඩ නැගීම පිළිබඳව තවමත් සාකච්ඡා කෙරෙන බව ඇය වැඩිදුරටත් පවසා ඇත.

රුසියාවේ සහය ඇතිව ශ්‍රී ලංකාවේ සිය පළමු න්‍යෂ්ටික බලාගාරය 2032වන විට ඉදිකිරීම සැලසුම වේ.

READ:   දකුණේ අධි බලැති විදුලි සම්ප්‍රේෂණ මාර්ගය අද සිට විවෘතයි…
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්