Sunday, April 26, 2026
Homeදේශීයනායයෑමේ අනතුරු අඟවමින් රතු නිවේදනයක් නිකුත් වෙයි

නායයෑමේ අනතුරු අඟවමින් රතු නිවේදනයක් නිකුත් වෙයි

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑම් අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

කැගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට සහ දැරණියගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට මෙම රතු නිවේදනය නිකුත් කර තිබේ.

එමෙන්ම කැගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට ද නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇත.

මේ අතර රත්නපුර දිස්ත්‍රික්කයේ ඇළපත, නිවිතිගල,කලවාන, ඇහැලියගොඩ සහ රත්නපුර ප්‍රදේශ සඳහා ද එම සංවිධානය නෑයයෑමේ අනතුරු අඟවයි.

කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට සහ රත්නපුර දිස්ත්‍රික්කයේ කිරිඇල්ල, අයගම, කුරුවිට සහ පැල්මඩුල්ල යන ප්‍රදේශ සඳහා ද නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇත.

READ:   IMF විස්තීරණ අරමුදල් පහසුකම පිළිබඳ වැඩසටහන, අප්‍රේල් 25 වනදා සිට පාර්ලිමේන්තුවේ විවාදයට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්