Friday, August 14, 2026
Homeදේශීයඩොනල්ඩ් ට්‍රම්ප් අධිකරණය හමුවට

ඩොනල්ඩ් ට්‍රම්ප් අධිකරණය හමුවට

අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි අධිචෝදනා අද විභාගයට ගැනීමට නියමිතයි.

ඒ මියාමි නුවර ෆෙඩරල් අධිකරණය හමුවේ දී.

රහස්‍ය ලේඛන සන්තකයේ තබාගෙන සිටීම සම්බන්ධයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව චෝදනා 37ක් මියාමි ෆෙඩරල් අධිකරණය හමුවේ ගොනු කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

ඒ අනුව ඩොනල්ඩ් ට්‍රම්ප් පෞද්ගලික ගුවන් යානයක් මගින් ඊයේ (12) මියාමි නගරය වෙත පැමිණ තිබේ.

ඩොනල්ඩ් ට්‍රම්ප්ට හිතවත් පාක්ෂිකයින්ගෙන් ඇතිවිය හැකි විරෝධතා හේතුවෙන් මියාමි නගරයේ ආරක්ෂාව තර කිරීමට තීරණය කර ඇත.

READ:   Lankabell සමාගම වැසේ
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්