Thursday, July 16, 2026
Homeදේශීයසතියට දින දෙකක් යාපනේ ටියුෂන් තහනම්

සතියට දින දෙකක් යාපනේ ටියුෂන් තහනම්

ජූලි මස 01 වනදා සිට යාපනයේ සිකුරාදා හා ඉරිදා දිනවල පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීම තහනම් කර තිබෙනවා.

පාසලේ පළමු ශ්‍රේණියේ සිට 9 වන ශ්‍රේණිය දක්වා සිසුන්ට මෙලෙස පෞද්ගලික පන්ති පැවැත්වීම තහනම් කර ඇත්තේ යාපනයේ දිසාලේකම් අම්බලවානර් සිවපාලසුන්දරම් මහතා විසිනි.

නව වන ශ්‍රේණියෙන් ඉහළ සිසුන්ට එම දින දෙකේදී පන්ති පවත්වන්නේ නම් එක් විෂයක් පැවැත්වෙන කාලයෙන් විනාඩි 30ක් , දරුවන්ට කලාව , සෞන්දර්ය හා සදාචාරය පිළිබඳ ඉගැන්වීම් කළ යතු බව ද ඒ මහතා දැනුම් දී තිබේ.

යාපනය දිස්ත්‍රික්කයේ පෞද්ගලික අධ්‍යාපන ආයතනවල හිමිකරුවන්, ගුරුවරුන් සහ සමාජ ක්‍රියාකාරීන් කැඳවා පැවැත්වූ සාකච්ඡාවකින් පසු ඔහු මෙම තීරණය ගෙන ඇත.

READ:   BREAKING NEWS: තවත් බිහිසුණු බස් අනතුරක් (ඡායාරූප සහිතයි)
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්