Sunday, September 13, 2026
Homeදේශීයදුම්රියේ ගැටී පාසලේ විදුහල්පතිවරයා මියයයි

දුම්රියේ ගැටී පාසලේ විදුහල්පතිවරයා මියයයි

රැදැල්ල සහ ග්‍රේට් වෙස්ටන් දුම්රිය ස්ථාන දෙක අතරතුර බදුල්ල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ දුම්රියෙහි ගැටී විදුහල්පතිවරයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ (11) සිදුවූ මෙම අනතුරින් මියගොස් ඇත්තේ වයස අවුරුදු 52ක්වූ නානුඔය දෙමල විද්යාලයේ විදුහල්පති කතිර්වේලු සුබ්‍රමනියම් මහතායි.

අද දින පාසල ආරම්භ වීමට පෙර පාසල පිරිසිදු කිරීමේ කටයුතු සඳහා සහභාගී වීමට එමින් සිටියදී විදුහල්පතිවරයා මෙම අනතුරට මුහුණ දී තිබේ.

විදුහල්පතිවරයා දුම්රියෙහි ගැටුණු බව නොදැක දුම්රිය නොනවත්වා ධාවනය කර ඇති අතර දුම්රියෙහි ආරක්ෂක නිලධාරියකු විසින් රියදුරු දැනුවත් කර තිබේ.

READ:   පාසල් සිසුන් දෙදෙනෙක් දියේ ගිලී මියයයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්