Sunday, July 26, 2026
Homeදේශීයදක්ෂිණ අධිවේගී මාර්ගයේ පරීක්ෂණය CID යට

දක්ෂිණ අධිවේගී මාර්ගයේ පරීක්ෂණය CID යට

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ලංගම බස් රථ තුළ ව්‍යාජ ලෙස මුද්‍රණය කරන ලද ටිකට් පත් භාවිත කිරීමක් සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කර තිබෙනවා.

පෙරේදා (10) මගීන් 34 දෙනෙකු ව්‍යාජ ටිකට් පත් සහිතව මාතර සිට මාකුඹුර දක්වා දක්ෂිණ අධිවේගී මාර්ගයේ ලංගම බස් රථයක රැගෙන එමින් සිටිය දී ලංකා ගමනාගමන මණ්ඩලයේ වැටලීම් අංශයේ නිලධාරීන් විසින් ඔවුන් හඳුනාගෙන ඇත.

මෙහිදී රුපියල් 1200 බැගින් වූ ව්‍යාජ ටිකට් පත් 24 ක් නිකුත් කර රුපියල් 40800ක වංචාවක් සිදුකර ඇති බව වාර්තා වෙනවා.

මේ අතර ඊයේ (11) ගාල්ලේ සිට මාකුඹුර දක්වා දක්ෂිණ අධිවේගී මාර්ගයේ ලංගම බස් රථයක ටිකට් පත් නොමැතිව පුද්ගලයින් 6 දෙනෙකු රැගෙන යැමක් හසුව තිබේ.

එම සිද්ධිය සම්බන්ධයෙන් ද ඉදිරි පරික්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දීමට විෂය භාර අමාත්‍යවරයා විසින් නියෝග කර ඇති බව සඳහන්.

ව්‍යාජ ටිකට් පත් නිකුත් කිරීමට අදාළ විවිධ අක්‍රමිකතා හේතුවෙන් ලංගමට මසකට රුපියල් කෝටි 07ක පඩුවක් සිදුවන බව ලංකා ගමනාගමන මණ්ඩලය ප්‍රකාශ කරනවා.

READ:   සමාජ මාධ්‍ය ලියාපදිංචි කරන්න කියලා සමාජ මාධ්‍ය කරුවන් ඉල්ලීම් කරනවා. ඒ වෙනුවෙන් පනතක් ගේන්න අපි ලෑස්තියි - අධිකරණ ඇමති (VIDEO)
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්