Friday, April 17, 2026
Homeදේශීයමෙරට කාන්තාවක් විදෙස් රටක සිට උදව් ඉල්ලයි

මෙරට කාන්තාවක් විදෙස් රටක සිට උදව් ඉල්ලයි

ගෘහ සේවය සඳහා විදෙස්ගත වූ ශ්‍රී ලාංකික කාන්තාවක් යළි මෙරටට පැමිණිමට උදව් ඉල්ලා විඩියෝවක් සමාජ මාධ්‍යට එක් කර තිබෙනවා.

ඇය මෙරට ගලේවෙල ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.

ආර්ථික ගැටලු හේතුවෙන් ඇය රැකියාවක් අපේක්ෂාවෙන් ගලේවෙල ප්‍රදේශයේ පුද්ගලයෙකු මාර්ගයෙන් එජන්සියක් හරහා විදෙස් ගතව තිබේ.

මේ වන විට ඇය ඕමන්හි නිවසක සේවය කරයි.

තමන් සේවය කරන නිවෙස් හිමියන්ගෙන් තමන්ට කරදර සිදුවන බව ඇය පවසනවා.

ගිවිසගත් පරිදි තමන්ට වැටුප් නොදෙන බව පවසන ඇය හරිහමන් කෑමක් බීමක් හෝ නිදාගැනීමට විදිහක් නැති බව පවසනවා.

කව්රුන්හෝ තමන්ට නැවත ලංකාවට පැමිණිමට උදව්කරන ලෙස ඇය විඩියෝව මගින් ඉල්ලා සිටි.

0777366318 යන දුරකථන අංකය තමන් එවූ ඒජනසියේ දුරකථන අංකය බවත් එම ඒජන්සිය මාර්ගයෙන් තමන් යළි මෙරටට ගෙන්වා ගැනීමට උදව් කරන ලෙස ඇය ඉල්ලා සිටිනවා.

READ:   චීවරදාරියාටයි කාන්තාවන් දෙන්නටයි පහරදුන් අය වහා අත්අඩංගුවට ගන්න පොලිස් ඇමතිගෙන් නියෝග
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්