Thursday, June 11, 2026
Homeදේශීයමානව හිමිකම් යෝජනාවෙන් පසුව ලංකාව කළ යුතු දේ

මානව හිමිකම් යෝජනාවෙන් පසුව ලංකාව කළ යුතු දේ

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයේදී ඊයේ (23) සම්මත වූ ශ්‍රී ලංකාව පිළිබඳව යෝජනාවෙන් වගවීම, යුක්තිය ඉටු කිරීම, සංහිඳියාව දියුණු කිරීම යනාදී කරුණු ගැන ශ්‍රී ලංකාව පුළුල් ක්‍රියාමාර්ග ගත යුතු බව අවධාරණය කෙරිණි.
ගෙවුණු වසර 09ක කාලයේදී ශ්‍රී ලංකාවේ සංහිදියාව, වගවීම සහ මානව හිමිකම් පිළිබඳව ගත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කර තිබූ අතර මානව හිමිකම් උල්ලංඝනය වීම සම්බන්ධයෙන් වන සාක්ෂි ගබඩා කිරීම සහ විශ්ලේෂණය කිරීමේ ඇති වැදගත්කමත් කොරෝනා වසංගතය තුළ ආගමික නිදහසට එල්ල වී ඇති බාධා පිළිබඳවද එම යෝජනාවලියෙන් කරුණු ඉදිරිපත් කර ඇත.
පළාත් සභා ඡන්දය, පළාත් සභා ක්‍රමයට අදාළවද එහිදී විශේශ කරුණු දැක්වීමක්ද සිදුව ඇති අතර යෝජනාවට ඡන්දය දීමෙන් වැළකී සිටි ඉන්දියාවද පළාත් සභා ක්‍රමය පවත්වාගෙන යා යුතු බවට ඒ පිළිබඳව අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත.
බ්‍රිතාන්‍ය විසින් නායකත්වය දැරූ යෝජනාවලිය ගෙන ආ මධ්‍ය කණ්ඩායමට ජර්මනිය, කැනඩාව, මොන්ට්‍රිනීග්‍රෝ, උතුරු මැසිඩෝනියාව සහ මලාවි යන රටවල් ඇතුළත් විය.

READ:   තම මියගිය පුතුගේ හදවතේ ස්වරය අසන අම්මා
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්