Thursday, April 23, 2026
Homeදේශීයදරුවන් නළවන්න ජංගම දුරකථනය දීම: එකම පන්තියේ දරුවන් 6කගේ ඇස් බාලවෙයි

දරුවන් නළවන්න ජංගම දුරකථනය දීම: එකම පන්තියේ දරුවන් 6කගේ ඇස් බාලවෙයි

කළුතර දිස්ත්‍රික්කයට අයත් පාසලක පළමු වසරේ එකම පන්තියේ දරුවන් හය දෙනෙකුගේ ඇස් පෙනීම දුර්වල වී ඇති බව හෙළිව තිබෙනවා.

පාසාලේ දරුදැරියන් පිරිසක් වෙනුවෙන් ගුරුවරුන් හා සෞඛ්‍ය අංශ එක්ව සිදුකළ ඇස් , දත් හා කන් සම්බන්ධ මූලික පරික්ෂාවක දී මේ බව හෙළිව ඇත.

එහිදී එම දරුවන් 6 දෙනා මීටර් 10,12 සම්මත දුර දෘෂ්ටි පරීක්ෂාවේදී කියවීමට අසමත්ව තිබේ.

පසුව සිදුකළ සොයා බැලීමකදී අනාවරණය වී ඇත්තේ කුඩා කාලයේ සිටම එම දරුවන්ගේ මව්පියන් දරුවන් හඬන විට ජංගම දුරකථන ලබා දී නැළවීමට කටයුතු කර ඇති බවයි.

දරුවන්ගේ ඇස් පෙනීම දුර්වල වීමට ජංගම දුරකථන ඇතුළු විද්‍යුත් උපකරණ භාවිතය හේතුවී ඇති බව රිජේවේ ආර්යා ළමා රෝහල පවසනවා.

වැඩිදුර පරික්ෂාව සඳහා දරුවන් වෛද්‍ය සායනයකට ඇතුළත් කර ඇත.

මේ වන විට මව්පියන් බෝහෝ පිරිසක් හඬන දරුවන් නැළවීමට, කෑම කැවීමට ආදී විවිධ අවස්ථාවල දී තිරය විශාල , ඇස්වලට ඉතා අහිතකර ජංගම දුරකථන දරුවන් අත තැබීමට පුරුදුව සිටී.

READ:   CCCline1333 11වැනි BIKEATHON පාපැදි සවාරියේ මධ්‍ය දැනුවත් කිරීමේ වැඩසටහන.
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්