Monday, June 29, 2026
Homeදේශීයපාසල් දරුවන් වෙනුවෙන් E-mail හදද්දි දෙමාපියන්ගේ දත්ත දාන්න එපා - පොලීසියෙන් විශේෂ...

පාසල් දරුවන් වෙනුවෙන් E-mail හදද්දි දෙමාපියන්ගේ දත්ත දාන්න එපා – පොලීසියෙන් විශේෂ නිවේදනයක්

file

පාසැල් දරුවන් වෙනුවෙන් විද්‍යුත් තැපෑල (E-mail) ගිණුම් සැකසීමේදී ඊට දෙමවුපියන්ගේ තොරතුරු ලබා නොදෙන ලෙස පොලිසිය ඉල්ලා සිටිනවා.

පොලිසිය මේ බව සඳහන් කළේ අද (06) පාර්ලිමේන්තු ප්‍රතිසංධානය සහ ජාතික සමගිය පිළිබඳ ආංශික කාරක සභාවේදී යි.

පසුගිය කාලසීමාව තුළ මාර්ග ගත අධ්‍යාපනය ප්‍රචලිත වීම හරහා දරුවන්ට දුරකථන ඇතුළු පරිගණක උපාංග ලබා දීමට සිදු වූවත් එම දුරකථනවල විද්‍යුත් තැපෑල ආරම්භ කිරීමේදී දෙමව්පියන්ගේ දත්ත ලබා දීම නිසා දරුවන්ට ඕනෑම වෙබ් අඩවියකට පිවිසීමට අවස්ථාව ලැබී ඇති බව එම නිලධාරින් පෙන්වා දෙනවා.

එසේ නොමැතිව දරුවන්ගේ නිවැරදි වයස ඇතුළු තොරතුරු ලබාදීම සිදුකරන්නේ නම් අන්තර්ජාලය විසින්ම දරුවන්ට සුදුසු දර්ශන හා සුදුසු වෙබ් අඩවි තුළට පමණක් පිවිසීමට හැකියාව ලබා දෙන බවයි පොලිසිය මෙහිදී සඳහන් කළේ.

ඒ අනුව දරුවන්ගේ නිවැරදි වයස ඇතුළු දත්ත විද්‍යුත් තැපෑල සැකසීමේදී ලබාදෙන ලෙස පොලිසිය දෙමවුපියන්ගෙන් ඉල්ලා සිටිනවා.

READ:   ජන ජීවිතයට පීඩාවක් සහ ආර්ථිකයට හානිකර බලපෑමක් නොවන පරිදි කොවිඩ් ව්‍යාප්තිය මර්දනය කරන්න - ජනාධිපති
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්