අද (06) උදෑසන 9.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි.
පෙරවරු 9.30 සිට – පෙරවරු 10.30 දක්වා කාලය වචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න විමසීම සඳහා වෙන් කර තිබේ.
ගුවන්සේවා පනත, වෙළඳ නැව් පනත ඇතුළු පනත් කිහිපයක් සම්බන්ධයෙන් නියෝග අද විවාදයට ගැනීමට නියමිතයි.
පෙ.ව 10.30 සිට පස්වරු 5.00 දක්වා ඒ සඳහා විවාදය පැවැත්වේ.


