Thursday, June 4, 2026
Homeදේශීයප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත ගැන ජනතා අදහස් ඉල්ලයි..

ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත ගැන ජනතා අදහස් ඉල්ලයි..

ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන අය ඒ පිළිබඳ අදහස් හා යෝජනා ඉදිරිපත් කරන ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය දැනුම් දෙනවා.

ඒ සඳහා තොරතුරු දැනුම් දීමට විද්‍යුත් ලිපිනය හා ෆැක්ස් අංකයක් ඉදිරිපත් කර ඇත.

එම ලිපිය පහතින්,

ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත සම්බන්ධව උනන්දුවක් දක්වන ඔබගේ/ ඔබ ආයතනයේ/ සංවිධානයේ නිර්දේශ/ අදහස් හා යෝජනා පිළිබදව 2023 ජුනි මස 14,15,16 යන තෙදින තුළ සාකච්ඡා කිරීම සඳහා අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා තීරණය කර තිබේ.

ඒ අනුව මෙම පනත් කෙටුම්පතට ඔබගේ /ඔබ ආයතනයේ/ සංවිධානයේ අදහස් යෝජනා ලබා ගැනීම සඳහා අධිකරණ අමාත්‍යවරයා හා නිලධාරීන් සමග සාකච්ඡා කිරීමට වේලාවක් වෙන් කිරීමට අවශ්‍යව ඇති බැවින් ඔබගේ සහභාගිත්වය පිළිබදව 2023 ජුනි 12 ට පෙර පහත සඳහන් කර ඇති විද්‍යුත් ලිපිනයට හෝ ෆැක්ස් අංකයට දන්වා එවන මෙන් අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය ඉල්ලා සිටියි.

දැනට ශ්‍රී ලංකාවේ බල පැවැත්වෙන 1979 අංක 48 කරණ ත්‍රස්තවාදය වැළැත්වීමේ ( තාවකාලික විධි විධාන) පනතේ හිදැස් හඳුනා ගනිමින් නව නීතියක් කෙටුම්පත් කිරීමට ලද කැබිනට් අනුමැතිය මත අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය පත්කළ විද්වත් කමිටුවක් මගින් ත්‍රස්ත විරෝධි පනත කෙටුම්පත් කර ඇත.

එම පනත් කෙටුම්පත 2023 මාර්තු 17 වන දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ ගැසට් පත්‍රයේ පළ කර ඇත. documents.gov.lk වෙබ් අඩවියේ ප්‍රකාශනයන් යටතේ අදාළ පනත් කෙටුම්පත භාෂා ත්‍රිත්වයෙන් භාගත කර ගත හැක.

විද්‍යුත් ලිපිනය -justicemedia07@gmail.com
ෆැක්ස් අංකය – 0112470822

READ:   අයි.පී.එල් තරඟයක විරාත් කෝලි, ගෞතම් ගම්භීර් ගැටෙයි (VIDEO)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්