Tuesday, April 21, 2026
Homeදේශීයපාසල් ගුරු මාරුවීම් සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්

පාසල් ගුරු මාරුවීම් සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්

ජාතික පාසල් ගුරු මාරුවීම් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව 2021 දෙසැම්බර් 31 වන දිනට සේවා කාලය සම්පූර්ණ කළ හා ගුරු ස්ථාන මාරු ලිපි ලබා දී ඇති සියලු ගුරුවරුන් ලබන 12 වනදා වන විට සේවා ස්ථානයට වාර්තා කළ යුතු බව එම නිවේදනයේ සඳහන්.

යම් ගුරුවරයෙකුට අභියාචනයක් ඉදිරිපත් කිරීමට අවශ්‍ය නම්, සේවයට වාර්තා කිරීමෙන් පසුව විදුහල්පතිවරයා හරහා එම අභියාචනය ගුරු මාරු අංශය වෙත ඉදිරිපත් කළ යුතු වෙනවා.

එලෙස යොමු කරන අභියාචනා අයදුම්පත් සම්බන්ධයෙන් තීරණ කඩිනමින් දැනුම් දෙන බවත් ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ගුරු මාරු අංශය වෙත පැමිණීමේ අවශ්‍යතාවක් නොමැති බවත් අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙනවා.

READ:   පානදුර මූලික රෝහලේදී මළ සිරුරු 2ක් මාරු වෙයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්