Saturday, July 25, 2026
Homeදේශීයඅමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඇද වැටේ

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඇද වැටේ

ගුවන් හමුදා උපාධි ප්‍රදානෝත්සවයක් අතර තුර අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඇද වැටී ඇති පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ජනාධිපතිවරයා මෙලෙස ඇද වැටී ඇත්තේ කොලරාඩොහි පැවති ගුවන් හමුදා උත්සවයක් අතරතුරයි.

උපාධිය ලැබූ නිලධාරින් හට අතට අත දී යළී වේදිකාවෙන් පිටව යන අවස්ථාවේ දී ඔහු ඇද වැටී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

කෙසේවෙතත් ජනාධිපතිවරයාට ඉන් තුවාල සිදුව නැති බව වැඩිදුරටත් වාර්තා වෙනවා.

අමෙරිකාවේ වයස්ගතම ජනාධිපතිවරයා වන ජෝ බයිඩන් මේ වන විට 80 වන වියෙහි පසුවෙනවා.

READ:   වතුර ඉල්ලා ගොවීන් හෙට කොළඹට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්