Sunday, June 14, 2026
Homeදේශීයඅනවශ්‍ය පුද්ගලයින්ගේ පොලිස් ආරක්ෂා ඉවත් කරෙයි

අනවශ්‍ය පුද්ගලයින්ගේ පොලිස් ආරක්ෂා ඉවත් කරෙයි

අනවශ්‍ය පුද්ගලයින් හා ස්ථානවල ආරක්ෂාවට යොදවා සිටින පොලිස් නිලධාරින් එම ස්ථානවලින් පොලිස් ස්ථානය සඳහා අනියුක්ත කරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා උපදෙස් ලබා දී තිබෙනවා.

ඉකුත්දා පැවති පාර්ලිමේන්තුවේ මහජන ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාවේදී අමාත්‍යවරයා මේ බව දන්වා ඇත.

පොලිස් නිලධාරින් 5,400 ක් පමණ එලෙස පුද්ගලයින් හා ස්ථානවල ආරක්ෂාව සඳහා යොදවා ඇත.

එම ස්ථානවලට ආරක්ෂාව අත්‍යවශ්‍ය ද යන්න සොයා බලා තක්සේරුවක් සිදුකරන ලෙස ද අමාත්‍යවරයා මෙහිදී පොලිස්පතිවරයාට දැනුම් දී තිබේ.

READ:   හෝමාගම කාර්මාන්ත පුරයේ හදිසි ගින්න ගැන අනාවරණයක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්