Tuesday, April 21, 2026
Homeදේශීයසිසු සැරියට ගාස්තු අයකිරීමට තීරණය කරයි..

සිසු සැරියට ගාස්තු අයකිරීමට තීරණය කරයි..

සිසුසැරිය පාසල් බස් සේවාව සඳහා වැය වන සම්පූර්ණ වියදම රජයට දැරීමට නොහැකි තත්වයක් උද්ගතව ඇති බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

ඒ මහතා මේ බව පැවසුවේ අද (30) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.

ඒ අනුව සිසුසැරිය පාසල් බස් රථ සේවාව සඳහා රජයෙන් 70 % ක් සහ දෙමාපියන්ගෙන් 30 % ක් ලබා ගැනීමට සිදුවන බව අමාත්‍යවරයා පැවසුවා.

එම මුදල ගෙවීමට නොහැකි දෙමාපියන් සිටී නම් එම දිළිඳු සහනාධාර ලබන පවුල්වල දරුවන් සඳහා අයකිරීමකින් තොරව එම සේවාව ලබා දෙන බව අමාත්‍යවරයා පැවසුවා.

එලෙස 30% ක ගාස්තුවක් අය නොකළ හොත් එම සේවාව නතරකිරීමට සිදුවන බව අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසුවා.

READ:   UPDATE: මනන්පිටිය බස් අනතුරින් මිය ගිය සංඛ්‍යාව ඉහළට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්