Saturday, September 12, 2026
Homeදේශීයබයික් අනතුරකින් පාසල් සිසුවෙක් මරුට

බයික් අනතුරකින් පාසල් සිසුවෙක් මරුට

ඊච්චලම්පත්තු , ලංකාපටුන මාර්ගයේ ඉලංගතුරෙයි ප්‍රදේශයේ දී යතුරු පැදියක් පාලනය කර ගත නොහැකිව යාමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

ඊයේ (28) උදෑසන පුන්‍යාඩි දෙස සිට ලංකා පටුන දෙසට ධාවනය වූ එම යතුරුපැදිය පාලනයකරගත නොහැකිව විදුලිරැහනක ගැටී තිබේ.

අනතුරින් බරපතල තුවාල ලැබූ තුවාලකරු ඊච්චලම්පත්තු රෝහලට ඇතුළත් කර වැඩිදුර පසුව ප්‍රතිකාර සඳහා ත්‍රිකුණාමලය රෝහලට මාරුකර යවා ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගොස් ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 16 ක් වූ මෙන්ගම්ම,කිලිවෙට්ටි ප්‍රදේශයේ පාසල් සිසුවෙක් බව පොලිසිය පවසනවා.

ඊච්චලම්පත්තු පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

READ:   දකුණු අප්‍රිකාව පරදා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට තියුණු ජයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්