Tuesday, April 21, 2026
HomeදේශීයPUCSL මීළඟ සභාපති කවුද? තීරණය ජනපතිගේ ජපන් සංචාරයෙන් පසු..

PUCSL මීළඟ සභාපති කවුද? තීරණය ජනපතිගේ ජපන් සංචාරයෙන් පසු..

මහජන උපයෝගීතා කොමිසමේ(PUCSL) සභාපති ධුරය සඳහා පුද්ගලයෙකු පත් කිරීම, ජනාධිපතිවරයාගේ ජපන් සංචාරයෙන් අනතුරුව සිදු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ධුරයෙන් ජනක රත්නායක ඉවත් කිරීමට අදාළ ලිපිය මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ඔහු වෙත යොමු කළ බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ අදාළ ඉවත් කිරීමේ ලිපිය ඔහු විසින් භාරගෙන ඇති බවයි.

මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ධුරයෙන් ජනක රත්නායක ඉවත් කිරීමට අදාළ යෝජනාව පසුගිය 24 වැනිදා පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමේදී වැඩි ඡන්ද 46කින් සම්මත වුණා.

එහිදී යෝජනාවට පක්ෂව ඡන්ද 123ක් සහ විපක්ෂව ඡන්ද 77ක් හිමිවුණා.

READ:   ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්