Monday, April 20, 2026
Homeදේශීයසරුංගලයක ආරවුලට සිසුවෙකුගේ අතක් වෙන් වෙන්න කපලා

සරුංගලයක ආරවුලට සිසුවෙකුගේ අතක් වෙන් වෙන්න කපලා

මාතර, වේරගම්පිට ප්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකු තියුණු ආයුධයකින් පහර දී පාසල් සිසුවෙකුගේ අතක් ශරීරයෙන් වෙන් වන සේ කපා දමා තිබෙනවා.

ඊයේ (26) වේරගම්පිට අම්බලම අසලදී කඩුවකින් මෙම පහර දීම සිදුව තිබේ.

සරුංගලයක් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් දුර දිග යෑමෙන් පාසල් සිසුවාට මෙලෙස පහර දී ඇති බව පොලිසිය පවසනවා.

පහරකෑමෙන් බරපතල තුවාල ලැබූ 16 හැවිරිදි සිසුවා මාතර මහ රෝහලට ඇතුළත් කර ඉන්පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වෙනවා.

පහරදීම සම්බන්ධයෙන් වේරගම්පිට ප්‍රදේශයේ පදිංචි දෙදෙනෙකු මාතර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

READ:   පරිසර විනාශය වෙනුවට පුෂ්පිකාට අවධානය ගිහින්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්