තමන් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක මහතා පවසනවා.
මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ධුරයෙන් ඉවත්කිරීම සම්බන්ධයෙන් පැවති පාර්ලිමේන්තු ඡන්ද වීමසීමෙන් පසු ඒ මහතා මෙම අදහස් පල කළා.
මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් ඉවත් කිරීම තමන් පෞද්ගලිකව ලැබූ පරාජයක් නොව රටේ ජනතාව ලැබූ පරාජයක් බව ජනක ඒ මහතා පවසනවා.
මහජන උපයෝගිතා කොමිසම ජනතාව වෙනුවෙන් පෙනී සිටීම නිසා දිගින් දිගටම බලපෑම් පැමිණි බව ඔහු පෙන්වා දෙනවා.
විකෘති ප්‍රජාතන්ත්‍රවාදයක් තිබෙන රටක මෙවැනි දෑ බලාපොරොත්තු විය යුතු බවයි ඒ මහතා පැවසුවේ.
තමන්ට දේශපාලන පත්වීමක් ලබා දුන්නා යන්න සත්‍ය බවත් ඒ හේතුවෙන් දනින් වැටී වැඩ කළ නොහැකි බව ඔහු පෙන්වා දෙනවා.
තමන් ඉවත් කිරීමෙන් විදුලිබල අමාත්‍යවරයාට අවශ්‍ය පරිදි මහජන උපයෝගිතා කොමිසම මෙහෙය විය හැකි බවයි ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ.
බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අනුව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා එම ධුරයෙන් ඉවත්කිරීම සඳහා වූ යෝජනාව වැඩි ඡන්දයෙන් අද පාර්ලිමේන්තුවේ සම්මත වුණා.


