Tuesday, September 8, 2026
Homeදේශීයසමාජ මාධ්‍ය කැලඹූ පාසල් සිසුන් 5දෙනා අත්අඩංගුවට..

සමාජ මාධ්‍ය කැලඹූ පාසල් සිසුන් 5දෙනා අත්අඩංගුවට..

බණ්ඩාරවෙල සිසුන් පිරිසික් විසින් තවත් සිසුන් දෙදෙනෙකුට පහරදී පිහියකින් තුවාල කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් සැකකාර සිසුන් තිදෙනෙක් ඊයේ (22) පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ සමාජ තුළ සංසරණය වූ විඩියෝවක් සම්බන්ධයෙන් සිදුකළ පොලිස් විමර්ශනයකින් අනතුරුවයි.

අත්අඩංගුවට පත් සිසුන් අවුරුදු 16 හා 17 යන වයස්වල පසුවන බණ්ඩාරවෙල හා හල්පේ ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

එමෙන්ම සංසරණය යූ විඩියෝවේ ගැටුම ඇතිකරගත් සිසුන් දෙදෙනා ප්‍රසිද්ධ ස්ථානයක ගැටුමක් ඇතිකර ගැනීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

එම සිසුන් දෙදෙනා වයස අවුරුදු 16 පසුවන බණ්ඩාරවෙල හා දියතලාව ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

අත්අඩංගුවට ගත් සැකකාර සිසුන් අද (23) බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

බණ්ඩාරවෙල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

READ:   WhatsApp භාවිතයේ පෙරළිකාර වෙනසක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්