Monday, July 27, 2026
Homeදේශීයගංජා කවා අරක්කු පොවා පූජකයෙක් 20 හැවිරිදි තරුණියක් කෙලෙසයි

ගංජා කවා අරක්කු පොවා පූජකයෙක් 20 හැවිරිදි තරුණියක් කෙලෙසයි

ගංජා මිශ්‍ර රොටියක් කෑමට දී මත්පැන් පොවා 20 හැවිරිදි තරුණියක් දූෂණය කළ කෝවිලක පූජකයෙකු ඔඩ්ඩුසුඩාන් පොලිසිය විසින් පෙරේදා (20) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වයස අවුරුදු 33 ක් වන එම පූජකයා ත්‍රිකුණාමලය සුරනගහර් ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.

අදාළ තරුණිය සිය ඥාතින් සමඟ කෝවිලේ පූජාවකට ගොස් ඇති අතර එහිදී පූජකයා තරුණියගේ ඥාතින්ට පවසා ඇත්තේ ඇයගේ සිරුර තුල දොස් රෝගයක් පවතින බවයි.

ඒ අනුව ඇයට ප්‍රතිකාර කිරීමට ඉකුත් 16 වනදා කෝවිල සමීපයේ පිහිටි තරුණියගේ ඥාති නිවසකට ඇය කැඳවා එහි කාමරයක් වෙන්කරවා ගෙන ඇත.

පසුව පූජකයා විසින් ඇයට ගංජා මිශ්‍ර රොටිය කන්නට දී මත්පැන් පොවා තිබේ.

පූජකවරයා තරුණිය දූෂණය කිරීමට පෙර ඥාතින්ට පවසා ඇත්තේ කුමන ශබ්දයක් කාමරයෙන් ඇසුණත් කාමරයට නොපැමිණෙන ලෙසය.

තරුණිය කෑගසා ඇතත් කිසිවෙක් ඒ ගැන උනන්දුවක් දක්වා නැති අතර ඥාතින් සිතා ඇත්තේ සිරුරේ දොස් දුරුකරන විට ඇය එසේ කෑගසන බවයි.

ඒ අනුව අපරාධයට ආධාර හා අනුබල දීම සම්බන්ධයෙන් එලෙස දූෂණයට ලක් වූ තරුණියගේ ඥාතින් අත්අඩංගුවට ගෙන විමර්ශන පවත්වන බව පොලිසිය පවසනවා.

READ:   ගැටලුව තියෙන්නේ සමාජ මාධ්‍ය තුළයි - ජනපති කියයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්