Wednesday, September 30, 2026
HomeදේශීයOnline භාණ්ඩ අලෙවිය නියමානයට ගැසට් නිවේදනයක්..

Online භාණ්ඩ අලෙවිය නියමානයට ගැසට් නිවේදනයක්..

අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ අලෙවි කිරීම සීමා කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

පාරිභෝගික අධිකාරිය විසින් එම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

පාරිභෝගික ආරක්ෂාව වෙනුවෙන් එම පියවර ගත් බව පාරිභෝගික අධිකාරියේ සභාපති ශාන්ත නිරිඇල්ල මහතා විසින් නිකුත් කළ ගැසට් නිවේදනයේ සඳහන්.

ඒ අනුව,

යම් භාණ්ඩයක් අන්තර්ජාලය හරහා අලෙවි කිරීමේ දී නොමග යවන සුළු කටයතුවල නිරත නොවිය යුතු අතර භාණ්ඩයේ සත්‍ය මිල අන්තර්ජාලය ඔස්සේ ප්‍රදර්ශනය කර ඇති මිල බවට සහතික විය යුතුයි.

පාරිභෝගිකයන්ගේ ඇගයීම් සහ සමාලෝචන සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු ප්‍රකාශයට පත් නොකළ යුතු අතර සමාලෝ චන සඳහා කුලී පදනම මත තෙවන පාර්ශවයක් යොදා ගත නොහැකියි.

අන්තර්ජාලය හරහා භාණ්ඩ ඇනුවුම් කර ප්‍රවාහනයේදී සියලු තොරතුරු ඇතුළත් කුවිතාන්සයක් පාරිභෝගිකයා වෙත නිකුත් කළ යුතු වෙනවා.

විකුණු භාණ්ඩය සම්බන්ධයෙන් පසු විපරම් යාන්ත්‍රණයක් ඇතිකළ යුතු බවද එම ගැසට් නිවේදනයේ සඳහන්.

READ:   Passport එක දවස් 3න් අද සිට ගෙදරට ගෙන්න ගන්න විදහ මෙන්න..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්