Tuesday, September 15, 2026
Homeදේශීයප්‍රදේශ කිහිපයකට සවස් වරුවේ වැසි..

ප්‍රදේශ කිහිපයකට සවස් වරුවේ වැසි..

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ මුලතිවු දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

දකුණු පළාතේත් බස්නාහිර වෙරළබඩ ප්‍රදේශවලත් උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇතිවිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

READ:   BREAKING NEWS - 16 හැවිරිදි සිසුවියගේ මරණයේ ප්‍රධාන සැකකරු පැය 48ක් රඳවා තබා ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්