Monday, April 27, 2026
Homeදේශීයවෑන් රථයක ගැටී පදිකයෙක් මරුට..

වෑන් රථයක ගැටී පදිකයෙක් මරුට..

ගලගෙදර නගරයේදී හතරලියද්ද සිට මහනුවර දෙසට ධාවනය වූ වෑන් රථයක් මාර්ගය හරහා ගමන් කළ පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුවුණා.

ඊයේ (17) රාත්‍රියේ සිදුවූ අනතුරින් බරපතල තුවාල ලැබූ එම පුද්ගලයා ගලගෙදර රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 57 ක්වූ පොහොලියද්ද , ගලගෙදර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අනතුර සම්බන්ධයෙන් වෑන් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.

ගලගෙදර පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

READ:   O/L ප්‍රතිඵල නිකුත් කරන නිශ්චිත දිනයක් කියන්න බැහැ - විභාග කොමසාරිස්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්