Sunday, June 14, 2026
Homeදේශීයවැලිගම වෙඩි පත්තු වෙයි..

වැලිගම වෙඩි පත්තු වෙයි..

වැලිගම, දෙනිපිටිය මුල්ලබොක්ක පාරට හැරෙන හන්දිය අසලදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

ඊයේ (15) රාත්‍රියේ යතුර පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙක් දෙනිපිටිය දෙසට යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකුට මෙලෙස වෙඩි තබා පලාගෙස් ඇත.

වෙඩිතැබීමෙන් වයස අවුරුදු 52 ක් වූ පලෑන , වැලිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

යතුරු පැදියේ ගමන් ගත් අනෙක් පුද්ගලයා වෙඩි වැදීමෙන් තුවාල ලබා මාතර රෝහලට ඇතුළත් කර ඇත.

තුවාල ලැබූ එම පුද්ගලයා වයස මියගිය පුද්ගලයාගේ පුත්‍රයා වන වයස අවුරුදු 20 ක තරුණයෙකි.

වෙඩි වැදීමෙන් මිය ගිය පුද්ගලයා අපරාධයක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිට ඇප ලබා සිටි පුද්ගලයෙක් බව පොලිසිය පවසනවා.

වැලිගම පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

READ:   විරෝධතාවකට ගිය පොලිස් කොස්තාපල්ගේ වැඩ තහනම්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්