Sunday, July 26, 2026
HomeදේශීයUPDATE: කළුතර 16 හැවිරිදි සිසුවියගේ මියයෑම සම්බන්ධ සැකකාරියකට ඇප..

UPDATE: කළුතර 16 හැවිරිදි සිසුවියගේ මියයෑම සම්බන්ධ සැකකාරියකට ඇප..

කළුතර 16 හැවිරිදි සිසුවියගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි ලැගුම්හල් අයිතිකරුගේ බිරිඳ ශරීර ඇප මත නිදහස් කර තිබෙනවා.

ඒ සිසුවියගේ මරණය සම්බන්ධයෙන් අද (15) සැකකරුවන් හතර දෙනෙක් කළුතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ඒ අනුව රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත ඇය නිදහස් කර තිබෙනවා.

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින මියගිය සිසුවියගේ මිතුරිය, මිතුරියගේ පෙම්වතා සහ ප්‍රධාන සැකකරුගේ මෝටර් රථය පැදවූ රියදුරු එළඹෙන 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

සිසුවියගේ මරණය හා සම්බන්ධ ප්‍රධාන සැකකරු මේවන විට රිමාන්ඩ් භාරයේ පසුවනවා.

READ:   දුම්රියෙන් පාසල් යන ළමුන්ට විශේෂ නිවේදනයක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්